Entries from February 2011 ↓

මාව මතකද?

ඇත්ත තරුවක් කඩා ගන්නෙමි
පැළඳ ගන්නට කමිස කර මත
හිමින් සිප ගත් ගෙළට පහළින්
සුණු විසුණු වුණ හදට ඉහළින්

රෑක දොරකඩ ළඟට ඇවිදින්
දෑස් ගිනි කන වැටෙන තුරු ඉමි
කියන තුරු මට මගේ නම,ගම,
කව්ද මා යළි මුළුමනින්!

හොඳ දවස්

දවස්, දවසින් දවස ආ යුතුය
වෙසෙසින් සතුට, සිනහව, එළිය
සපිරුණ
ඉඩදී හිතේ හැටියට හිතට
විඳගන්න මිහිර
භාවනාවක් සේ දැන්නෙන්නට.
හොඳ දවස්
හිමින් ‘විත් දැවටි දැවටී සිටිය යුතු වෙත
වැස්ස සහ සුළඟ
මිශ්‍රිත කුණාටුව සේ නොව

Haunt Me !

There is a time; it may come to you too
death becomes familiar and a part of life
(if not, something in the mustard you eat)
When beloveds leave looking for better places
Hoping not to ruin the beauty existing
Death becomes you or vice versa.
Only in Japan it is said, death is glorious much as life.
I’m not sure. Learnt it from re-reading a book
Say it’s true, who is happier then- the dead or the living?
Who is dead anyway?
Whom to whom,
That’s what matters.
Perhaps death and love both are mental conditions,
when it happens, unforgivably, unrestrained,
I yearn in my simpleton mind
a specific ghost to rock in a chair
when I come to switch lights on
in mornings yet dark
I wish it knocks on the door then hides
Spit on the food- I don’t care
I wish it haunts me
so I’m not left behind.

නවා, අඹරා වෙනස් කළ හැකිනම් කාලය..

නවා, අඹරා වෙනස් කළ හැකිනම්,
අකල් වැස්සෙන් පෙඟී සේදීලා ගිය කාලය
දවසේ කුඩා කොටසක් පමණක් පාට කල
දේදුන්න වෙනුවෙන්ම ගත වුණ.
කඳුළු බිඳු ප්‍රිස්ම අතරින්
පතිත හිරු, වෂ්පය කොට සැනසුම
කඩිනමින් ඉවත ගොස් ඇත
දවා, තණපත් අතර පිපි පොඩි මල
නව බිමක වසන්තය ඇති කරන්නට
නවා අඹරා වෙනස් කල හැකිනම් කාලය
සිත එකතු කොට
අසපුවක දම් ඇසිය යුතු වෙත
තනිවම සොයාන්නට නිවෙන තැන
තියෙනවායැයි පැවසුව
ප.ලි.
වෙනත් මගකින් එන්න
නිවී ගිය පහන්සිළු එකට එක් වෙන තැන
සංසාර සුගන්ධය හුරු පුරුදු නොවෙනු ඇත

Celebrate Love!

ප්‍රේමයේ වර්ණ හෝ සුවඳ නැත
ඇත්තේ ප්‍රභේදම පමණකි
එකෙකු වෙන වෙන ආකාරයට
නොයෙකුත් අයට
කදිම මටසිළිටු වදනින්
විවිධකාර තානයෙන්
බෙදා දෙන.
ලබා ගන්නෝ වැරදියට වටහා ගත්ත
සදාකාලික සිර ගෙවල් වල
තම තමන් අතරමං කරගෙන
හඬන, වැළපෙන
ප්‍රේමයේ වර්ණ හෝ සුවඳ නැත
ඇත්තේ ප්‍රභේදම පමණකි.