Entries from March 2011 ↓

The Moon and I

සඳට පුළුවන්
අත පොවෙන මානෙම පායන්න
වළාවට වැහෙන්න
කැමති නම්
නෑවිත්ම ඉන්න.
මට පුළුවන්
මඟ බලන් ඉන්න
සිසිල ඉල්ලා යදින්න
අඩි පොළවෙ ගැහුවට
බැනුම් අහලා අඬන්න.

Supposed to know?

Everyday is the same bend
among same avenues
unchanging landmarks
except the seasonal differences
at familiar junction
…when it changes to green
should I arrive? should I depart?
හැමදාම එකම වංගුව
එකම මං මාවත් අතර
මග ළකුණු සදාකාලික
සෘතු විපර්යාසය පමණකිය
පුරුදු හන්දිය ළඟ
කොල පාට දිලෙන විට
ආ යුතුද? යා යුතුද?

ආච්චී

මල් වැටුණු රෙදි
සුදු පාට හැට්ට
නළල මැද
කළු ඉන්නෙක්.
හුරතළයට කිකිළියන් තනා
…බිත්තර අපට කැවූ
ආදරෙන් කොහිල වැවු
ආච්චී මතක් වෙන්නේ ඇයි?

මනු ලියකි

කිවි කියා විමනෙන් බසින්නට
වද කරේ ගහ කපන්නට බව
තෝරගත් නුවණ හැඳි මිටේ දිග.
සෑය දැන් ඇත වෙනත් නමකින් බැඳ
වෙන තැනක.

අලුත් මනමාලි

අලුත් මනමාලිය,
නුඹ සිනා වැසි වස්සා
අප තෙමා
අපේ නටඹුන් ආලයත්
යළි වර්ණ ගැන්විය යුතුය.
…සදාකාලික සතුට
සපිරුනු කතාවේ
කුමාරිය සේ
ආභරණ සොළවමින්
සේද සළු නටවමින්
ඔබ මොබ ගමන් කළ යුතුයි.