Entries from April 2011 ↓

Butterflies Will Fly Away

Butterflies ride bicycles
in pastel colour suits
not knowing of far away peaks
mothers follow them
along the road side….
සමනල්ළු බයිසිකල් පදිති
ලස්සන ඇඳුම් ඇඳගෙන
අම්මලා පසුපසින් වැටී
සිරිපාදෙ ගැන නොදන්න.

An Euphemistic Lie (Retrospectively)

It was a meadow
full of daisies
Slanted one side
towards the beach
sea gulls meditated
never sang
sun shone until
the moon arrived
the wind blew
petals unshaken
bloomed more
for the dew…..

දන්න අප

කිසි දිනෙක වල නොගැසි කම්මුල
ඔබට රිසි විදියට
නොබෝ දිනකින් රැළි ගැසවී
හිනා වෙනකොට
තැනින් තැන සුදු වුණොත් කොණ්ඩය
අඳුරගන්නට
බැරි වෙයිද නුඹ
කවදහරි දසවක
නොදන්නා පාරක
මග හැරී යයිද අප
ඇඟේ හැප්පීගෙන

රට ගිය පුත්තු

පිට ගියපු දරුවො අප
ඉරිදාට රෑවෙලා ඔබට අමතන
මාසෙකට දවසක්
සොච්චමක් එවන

හිම කබා ඇඳගෙන
සුදු දසන් දක්වා සිනාසෙන
සැප කාර් ළඟ,
පින්තූරයට

ගෙවෙන හැම මොහොතෙම
හිතේ පොඩි කොන් වල
ඔබෙ පැරණි අත් දෙක
තදින් අල්ලන් ඉන්න

ස්ථීර පදිංචිය

පිටමං නොකළ සිනාවන්
උමතු දෝංකාරය දේ
නගරයේ කුඩා මාවත්
අතර සිරවුණ හෙවනැළි
වියරු ලෙස හඹා එයි
සංසාර සුවඳවල් කීතු කරවයි
මල් මැසූ ලේන්සුව-කොඩි ගසක වනා ඇති
ගැළවුණ නූල් පොටවල්
වෙළා ඇත තද කර
සිතුවිල්ල
කුළුගෙඩිය වන්නට නොදන්නා
කිණිහිරය වී බිහිවුණ