Entries from September 2011 ↓

වෙනස් පෙම

ගලවා සියලු වල්
තෘණ මල් ද සමගින්
විසුළ කොළ රැස් කර
ගිනි තබා සැණෙකින්,
කපා මල් වැට මැනවින්
පිස දා බංකු සියතින්
එළිකරවන්නෙ වෙසෙසින්
උයන් පාලක පෙමකින්

සුළඟ පත් සිඳවා
මල් රේණු ඉසලා
උයන හැඩ කරවා
තෘණ මල්ද සනසා

එයද එක පෙමකි
නමුත් වෙන මගකි….!!!

It’s Officially Autumn

The first leaf falls
is soft yellow
Like an early spring flower!

කැරකි කැරකී හත් පෙති මලක් නැතුවම

මා කැරකි කැරකී
හත් පෙති මලක් නැතුවම
හදවතින් පෙති සිඳින
“ආදරෙයි!……නෑ!….ආදරෙයි!….
කිය කියා දොඩවන (තවම).
කැරකි කැරකි ගොස්
වැටෙන්නේ නැතුවද
කහ ඉර ළඟට
පනින්නට පාර
විස්මලන්තෙට යන
ලොකු වෙවී පොඩි වෙවී
බලන්නට
තේරුම් ගන්න හැකි
නාටක.
මේ ලිඳ,
පතුළ නැති එකක් නම්
මගේ ආගම සත්‍යය.

ප්‍රේමය ලෝකයේ කොටසක් නොවන කල

කාලයේ ඊය නැවතුන
සංචල නොවන මොහොතක
අප වසා ගත් බුබුළට
ඇඟිළ්ලෙන් ඇන බලනු මොකටද
සියුම් සිතුවැල්
උනුන් හට රිසි ලෙස
චිත්‍ර මවනා ක්ෂ්ණයක
නඩු අසා යුක්තිය විනිසමින්
සාපරාධය විඳිනු නොහැකිය
ආදරය ලෝකයට හිමි නැත
මිදුණු මොහතකි ගැඹුරු නිශ්චල
පතුළටම ඇද වැටෙනු බැරි නම්
පළා යනු මැන සුරැක මුනිවත

Kids Sleepovers

රාත්‍රිය නිහඬය
කළුවරක් නම් නොමැත
ඇගේ හොඳ මිතුරියක්
නිදයි මා දූ අසළ.
තිගැස්සී ඇහැ ඇරී
හඬයි නම් මහ රෑම
ගෙදර ගොස් ඇරළවනු
හැකිය මට මේ දැන්ම
නොමැත ඇය බය
නිදයි
මවා ගෙන සුබ සිහින
ඇගේ මව නිදි නැතුව
කරයි මට දුර කථන. 🙂