Entries from January 2012 ↓

රසික පෙම

විජේ,
නුඹ සිතුවමක්
සිත අපට නොපෙනෙන
මවා ගන්නේ මාය
ආදරේ බව
නැති බව.
විජේ,
නුඹ කවියක්
පිටපත් කිහිපයක් කළ යුතු
ලියන්නෙත් මාය
හැඩ කර
දමුවොත් තැපෑලට ලියුමක්
කවි නැති කතා නැති
ලියාවිද නුඹ පිළිතුරු
මා විශේෂයි
කෙරුව සඳහන්!

උන් දෙදෙන විය නොහැක අපහට.

සබඳ,
පිය නගන මග,
රැඳි කුළුණු බඳ
සිප ගන්න ඉඩ දෙන්න නොහැකිය
කවි කියා මග දිගේ ඇවදවනු නොහැකිය
ලෙඩට බෙහෙතට
උර පලා ලේ එවනු නොමැනය
උමතු යැයි ගල් ගසන විට
විසි කරන්නට මලක් මා අත නැත.

උන් දෙදෙන විය නොහැක අපහට.

පැරණි සුවඳ/Ancient Fragrance

Gardenia bush
never meant for flower picking
was next to the shrine
she, my grandma worshiped
there must have been a
reason!
ගාඩිනියා ගස
ආච්චි වැඳුම් කළ
පහන් පැල ළඟ
කිසිම දවසක
මල් නොකඩන්න
නියමිත
හේතුවක් ඇතුව විය හැක!

නොවිය හැකිදේ.

ඔබ දෙදෙන
ඉඩ තබා මා වෙනුවෙන්ම
හරි මැද
සීරුවට නිදන හැටි
විස්මයකි
සතුටකි
නොවිය හැක්කකි.
මේපල් කොලයකට,
කැත පිහාටුවකට
මළ බඳුණු ඇණයකට
පවා ගුටි ඇනගන්න
ඔබ දෙදෙන
මට ඉඩ තබා
හරි මැදම නිදි යහන.
අපි අදත්
තාත්තා පිටත් කරවමු
අමුත්තන්ගේ කාමරය වෙත.

තරහින්

යස රන් කිකිළියන්
නරින්ටම රැවටෙන
අඬ අඬා විත්
මගේ ළඟ ගතු කියන
කූඩුවක් තනමි
නුඹලා ගාල් කරමි
ගෙවිලියක් වන්නෙමි
අන්තඃපුරය හිමි