Ode to the sea

Who could live placidly,
in between monsoon breakers?
Can compassion be earned, for
accidental deluge in salty waters?

Could it be visible,
Even a tiny bit- from the ground above
Lure of the ocean floor
Seen, when sunk, at will?

Pink shells
Smoking sea creatures
Dozing stars
And unknown fish
wet by water colors.
I can see!
with my own naked eye
under the waves
In a lucid style

The beauty beneath sea
Cannot be probe from the shores
Would you like to live the realm
below such monsoon tides?

kanachana karunamuni:මෝසම්

මෝසම් රැළි අතර
දිවි ගෙවිය හැකි වෙද
යෙහෙන් කාට

අත් වැරදීමකින්
ලුනු වතුර පෙවුණු විට
අනුකම්පාවක් උපයා ගත හැකිද

මුහුද පතුළට
කැමැත්තෙන් ගිලෙන විට
පෙනෙන රස ලොව
නොපෙනේද ගොඩබිමට
පුංචියටවත්

රෝස බෙලි කටු
දුම් විදින පුංචි ජලජයෝ
නිද්‍රාරාවට පත් පසැගිල්ලෝ
වර්ණ පෙට්ටි හලාගත්
නම නොදත් මාලු
මට පෙනෙයි
පියවි ඇසටම
මේ විසල් මෝසම් රැළි
යටින්….පැහැදිලිව

ගොඩබිමට නොපෙනෙන
රසක් ඇත
මුහුදු පත්ලක.

දිවි ගෙවනු රිසියෙද
මෝසම් රැළි අතර

No related posts.

« »