Entries from October 2012 ↓

බත්කූරු පියාපත්

(Harshaji Asela Photo)

බත්කූරු තටුවක
ඉරි ඇන්දෙ කවුරුද?
වෙන තැනක පිටපත්
කරන්නට නම් බැරි
බත්කූරු තටුවක
පාට තැවරුවෙ කවුද
ඒ වගේ සායම්
හොයා ගන්නට නැති.
බත්කූරු තටුවක්
තැපැල් කෙරුවේ කවුද
අද වගේ දවසක
කවුරුවත් නැති.

The Fear of Gambling

In spite of it being admittedly biographic at moments, The Fear of Gambling is largely fiction and fantasy. Unlike other work of Vihanga Perera, the author, the present book lacks a clear “purpose” or reason. My first impression was that the book was written to challenge Shehan Karunatilaka’s Chinaman; but FOG is not a serious cricket novel as Chinaman is. According to Rathindra Kuruwita (the same Rathindra Kuruwita whose name is mentioned in a minor apperance in Vihanga’s book) The Fear of Gambling is an experiment by mixing Mark Wilde’s Chucking the Dragon and Karunatilaka’s Chinaman together. Rathindra also states that if FOG is to follow the same path as Chinaman, by following a successful avenue as a “readable” text, then Vihanga Perera has done a sensible thing. That, however, is a lazy statement and I doubt whether Vihanga Perera’s purpose in writing a book follows Rathindra’s predictions.

When I initially read FOG I thought that the idea of the whole enterprise was light-veined. Even though FOG at times sounds like an imitation of Chinaman it has not changed the original style of the author’s other books Unplugged Quarter and Stable Horses. In spite of pretences, the book does not ultimately mean to talk about the narrator’s love for the woman Marseille, or to focus the readers’ minds on Table Tennis or Cricket. Nor does the narrative aim at holding the readers’ minds, connecting them with a particular memory or experience, trapping the readers inside a peculier literary cocoon. But in a complex mode that is not easily explicable FOG has a strong hold on the reader. This, too, is largely owed to the humorous social criticism leveling the sharpness of its reflections on the Sri Lanka of our day.

However, if we extract the recurrent references to sports away from the story the rest of the body narative is somewhat similar, I felt, to what Henry Miller discusses of in his books. The content as well as the language, at times, can be truly obscene. They strive to bring out and show the unpretentious status of the narrator’s insight. The narrator’s women are described in a true nature of a ‘womenwatcher’ instead of saint-like pretences. Chapter Seven provides a classic and humorous example in Sri Lankan English but the book never condemns women. It only admits that ‘when intimacy matters we often wholesale lie’. I guess the author is talking about men. And also the narrator’s opinions of domestic politics and military matters are described in a true thought provoking middle class manner.

Even though FOG is a collection of fictional/factual experiences and fantasies such as the narrator’s ‘quest for a woman’ and his ‘search of a successor to his arts’, records and memories of playing cricket with a cousin and failed years of playing Table Tennis, the book sums up on one crucial message. The narrator’s self-made Table Tennis career and his cousin’s outstanding domestic cricket performances, his uncle’s poetry and also every single character in the story are meant to tell that every talented and gifted sportsperson or artist doesn’t become a successful career player or a star. The stories in this book say that there are people who are never recognized by the society and they never get a chance to pursuit their talent to become popular because of other reasons in their life that never allow them to mature in their chosen line. But that doesn’t mean that history is made by people who have become popular and who are going to be popular. This world and this system is a collective effort of each and every human being. There are music notes touched by ordinary people who are better than popular artists; and are brought to life way before a popular artist may record and sell them. There are sports feats achieved by men and women while swimming in a local river or playing in a front garden. But they are not brought forward or given a page in history. The narrator mocks: “Civilization has a thing for statistics. Statistics with time prove one’s case.” That is why in this complex narrative, every story, incident, fantasy and character is important equally just like everyone else in this world. The only hitch, however, is that we don’t see our own heroes in the way the narrator sees his cousin CJ.

A dream

I used to go to a desert
Looking for water

Or I wonder if I was the water
Like occasional ‘siri poda’
Tickled hidden serpents to rattle their horny sistrum*
But water was their
I saw. I think

Desert talks
not so sweet
but I laughed hysterically
until I reached a specific heat
under the stars like a sequined shawl I’ve seen
only in a Bollywood scene
its hoarse whisper made me scream
In the midnight hour the desert stood up, twisted, swirled
now it’s a grey mocking bird
flying away
the dream woke me up

*A musical instrument of ancient Egypt consisting of a metal frame with transverse metal rods that rattled when the instrument was shaken (wiki).


නඩු විභාග පුදුම සහගතය. නීතීවේදීන් තමන්ගේ තර්කය දක්ෂ ලෙස ඔප්පු කරවා තමන්ගේ සේවාලාභියාට යුක්තිය ඉෂ්ඨ කර දීම සමහර විටක ආශ්චර්යකි. අප කුඩා කාලයේදී අසා ඇත්තේ සතාසිවම් නඩුව, කුලරත්න නඩුව ආදී අපරාධ නඩු ගැනයි. පසු කලෙක ඕ.ජේ සිම්සන් නඩුව ලොව කැළඹු ආකාරය මා මතකයේ තවම ඉතිරිව ඇත. නමුත් අද මරණීය අපරාධ සඳහා යුක්තිය සොයනු පමණක් නොව ඕනෑම පාඩුවක්, අලාබ හානියක් වෙනුවෙන් කෙනෙකුට නඩු විභාගයකින් යුක්තිය ඉල්ලා සිටින්නට හැකියාවක් ඇති තැනට ලෝකය පරිණාමයට පත් වී ඇත. ‘මැක්ඩොනල්ඩ්ස් උණු කෝපි’ නඩුව එවැන්නක් නොවේද? මිලදී ගත් උණු කෝපි බඳුන උකුළ මත තබාගෙන වාහනය පදින්නට යෑමෙන් ඈට සිදු වූ පිළිස්සුම් තුවාල වෙනුවෙන් ස්ටෙලා ලීබෙක් මැක්ඩොනල්ඩ්ස් අවන්හල ව්‍යාපාරයෙන් මුදල් ඉල්ලා සිටීමත්, හොරෙක් නිවසක වහලයෙන් ඇතුල්වීමට තනද්දී වහලය කඩා වැටීම නිසා තමන්ට වූ අලාබ හානිය වෙනුවෙන් නිවෙස් හිමියාගේ රක්ෂණ සමාගමට නඩු දමා වන්දි ඉල්ලීමත් විහිළුවක් සේ පෙනුනද, ජූරියක් විසින් එවැනි දේට පවා විශාල මුදල් වන්දි ගෙවීමට තීරණය කරන තැනකට ලෝකය පැමිණ අවසන් ය. එසේ කිරීමට සාමාන්‍යය මිනිසුන්ට අයිතිවාසිකම් සහ පහසුකම් තිබීමේ හොඳත් නරකත් දෙකම ඇති නිසාවෙන් ඒ ගැන උඩින් පල්ලෙන් හෙවත් මතුපිටින් කතාකිරීම සුදුසු නොවේ.
ඕස්ට්‍රෙලියාවේ කැන්බරා නුවරට නුදුරින් ගමක වනෝද්‍යානයක ස්වභවික වතුර වලකට පැනීමෙන් පතුලේ වූ ගල් වල වැදී කකුළක් කැඩී එයින් සදහටම අබාධිත වූවා යැයි කියන කෙනෙක් කවුන්සිලයට නඩු දැම්මේ ඒ වල ගැඹුරු නැති බව සඳහන් කළ දැන්වීමක් නොතිබි නිසා ඔහුට ඒ පඩුව වූ බව කියමින්. කුඩා නගර සභාව, නඩුවෙන් පැරද වන්දි ගෙවීම සඳහා විශාල මුදලක බැංකු ණයක් ලබා ගත් බව මට කියා ඇත්තේ එහිම රාජකාරි කළ කෙනෙක්. සමහර විටෙක ‘නඩුත් හාමුදුරුවන්ගේ- බඩුත් හාමුදුර්වන්ගේ’ ක්‍රමයට නීතී පද්ධතිය ක්‍රියා නොකරන රටවල මෙවැනි නඩු ප්‍රායෝගික වූව ද හැම සමාජ ක්‍රමයක් තුළම එසේ යුක්තිය සොයා ගැනීම පහසුවක් නොවන බව මා නොදන්නවා නොවේ. ඒ නිසා නඩු ගැන කතා නොකර මට සිද්ධ වූ පාඩුවක් ගැන යමක් ඔබට පවසමි.
මා ඇමරිකාවේ පදිංචිවීමට ඒමට ප්‍රථම ජීවත් වූයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරයි. තාවකාලික ගමනක් එමියි සිතා ඇමරිකාවට පිටත්වන්නට පෙර මම අපගේ නිවස කුළියට දීමට ‘රියල් එස්ටේට්’ ඒජන්ත සමගාමගමකට බාර කෙරුවෙමි. ඔවුන් විසින් පොරොන්දු වූ අකාරයට නිවස කුළියට දීමේ සිට ඒ සම්බන්ධ සියළු වගකීම ඔවුන් අතින් ඉටු වෙද්දී මට සිදු වූයේ ඒ සඳහා මුදලක් ගෙවීම පමණයි. නිවසේ වත්ත කෙළවර කුඩා ගබඩා මඩුවක අපගේ වටිනා ම දේ සුරක්ෂිත ලෙස අසුරා, ඒ පිළිබඳ ලියවිල්ලක් ලියවා භාරදී මම ඇමරිකාවට පිටත් වීමි. වටිනාම දේ යැයි මා කීවේ: අපගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප, මංගල සාරි, දරුවන් උපන්දා සිට ගත් ඡායාරූප,ඔවුන්ගේ ළදරු ඇඳුම් පොඩි, මුල් ම ප්‍රියතම සෙල්ලම් බඩු, මුලින් කැපූ කෙස් රොදවල්, උපන්දා පොතක ඇඳගත් ඔවුන්ගේ අත්ල සහ යටිපතුල් සටහන්,ඔවුන් මුලින් ඇඳි චිත්‍ර, ලියූ අකුරු, අපගේ දෙමාපියන් විසින් සුරැකි අප කුඩා කාලය සිහිකරවන එවැනි සිහිවටන, සියළු සහතික පත්‍ර ආදි මෙකි නොකි සිහිවටන සමග, ඩොලර් දහස් ගණනක් වටිනා තෙල් සායම් චිත්‍ර එකතුවක් සමග විදුලි උපකරණ කිහිපයක් ද එහි තිබුණා. වසර තුනක් ඉකුත්ව ගිය අතර ඔස්ට්‍රේලියාවේ නිවසේ සාමකාමි කුළී නිවැසියන් පදිංචී වී සිටීම හිතට මහත් සැහැල්ලුවක් විය. තෙවන වසරේදි එහි සිටි යුවළ නව නිවහනක් තනා නික්ම ගිය නිසාවෙන් අලුත් පවුලක් පදිංචිවීමට පැමිණුනි. ඔවුන් විසින් වත්ත කෙළවර පිහිටි ගබඩා මඩුව ඔවුන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව අපගේ ඒජන්තවරයා අපට දැනුම් දුන්නේ නැත. වසර තුනකට පසුව කොතරාත්තුවේ සටහන් වූ දේ අමතකව ඒජන්තවරයා ගබඩාවේ තිබූ සියල්ලම කම්කරුවෙකු යොදා ඉවත්කරවා ඇත. ඒ ආරංචිය ලැබුණ දා ඉතා විශාල කණගාටුව සහ වේදනාවක් සමගම අප අතර වූ එකඟතාව නිතී විරෝධී ලෙස බිඳීමට තරම් ඔවුන්ගෙන් වූ නොසැලකිල්ල පිළිබඳ අති මහත් තරහක් මා සිතේ ඇති වූවා. සියල්ල අමතක කිරීමට හැකියාව ඇතත් දරුවන් හා සබැඳි සිහිවටන විනාශ කර දැමීම ඔවුන් මට කළ අනුකම්පා විරහිත අපරාධයක් සේ මා එක සිතින් තීරණය කළා. ඒ ගැන සිතන විට හැඬුම් එන තරමට මා සිත් තැවුලට පත් වී සිටියා.
දෙපාර්ශවයේ අවබෝධයක් සහිත ගිවිසුමක් සහ ඒ පිළිබඳ ව සකැසි ලියවිලි තිබියදි එවැනි ගිවිසුමක් කඩකිරීමක් සිදුවී තිබිද්දී නඩු මගට නොයන්නේ ඇයි යන්න අප දන්නා සියල්ල්න් ම අපෙන් විමසූ ප්‍රශ්නයයි. “ඇයි නඩු දාන්නේ නැත්තේ? නිකන් ඉන්න එපා!” හිතවත් අය අවවාද කලා. අප නීතිඥවරයෙකු මුණගැසී ඒ ගැන විමසූව ද ඇමරිකාවේ සිට ඔස්ට්‍රේලියාවේ නඩු කීම එතරම පහසු නැති නිසා මේ වැඩය දිනෙන් දින කල් ගත වුණා.
මේ අතරතුරදී දිනක් මා අන්තර්ජාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රවෘති කියවමින් සිටිද්දී එක්තරා සිරස්තලයක් දුටුවා. උදෑසන පාසල් යාමට පෙර මුව දෙවීමට ගඟට ගිය දියණියක කිඹුලකු විසින් ඩැහැ ගත්තා යයි එහි ලියා තිබුණා. මව බලා සිටිද්දී ම කිඹුලා දියට එබි දියණිය හිසින්ම ඩැහැ ගත්තද අසරණ ඇයට තමන්ගේ දරුවා වෙනුවෙන් කිසිවක් කරගත නුහුණු බව එහි සටහන් ව තිබුණා. ඒ ක්ෂණයේම මා මගෙන් ප්‍රශ්න කළේ “මට නැති වුනේ මොනවාද?” “මට යමක් නැති වීද?” යන්නයි. ඒ මව තමන්ගේ පාඩුවට වන්දි ඉල්ලා නඩු මගට බසින්නේ කාට එරෙහිවද? නල වතුර පහසුකම් ලබා නොදුන් අයට ද? කිඹුලන් මර්ධනය නොකරන්නන්ට ද? උදෙට පාසල් යන්න පෙර මුව දොවන්නැයි කී අයට ද? ගඟේ කිඹුලන් සිටින බවට දැන්වීමක් පළ නොකළ අයට ද? මා නැති වූ දේ වෙනුවෙන් දැන් තැවෙන්නේ නැත නඩු දැමීමේ අදහසකුත් මට නැත. දැන් මට දුක සිතෙන්නේ කිඹුලාට ගොදුරු වූ නොදන්නා දියණිය ගැන මිස, ඒ අම්මා ගැන මිස මගේ දරුවන්ගේ සිහිවටන ගැන නොවේ.
නමුත් තමන්ට සිදු වන අයුක්තිය අසාධාරණය ඉවසා නීතීයේ සරණ නොපැතීම විශාල වරදක්. අහිංසක මිනිසුන් පාගා දමන, මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය වන සමාජ ක්‍රමයක් බිහි නොවීමට අප සැමවිටම යුක්තිය ඉල්ලා නීතිය ක්‍රියාත්මක වන තැනට කටයුතු කළ යුතුයි. තමන්ගේ පාඩුවේ මහත දැනෙනේ තමන්ටයි. වෛද්‍යවරයාගේ අතින් වූ වරදක් නිසා මිය ගිය ගැහැණු රෝගියා ඔබගේ මව විය හැකියි. ඔබේ බිරිඳ විය හැකිය. කෙනෙක් හෝ යම් ආයතනයක් විසින් සිදු කරන අපරාධ, හානි වලට දඬුවම් කිරීමට නිකැළල් නීතී පද්ධතියක් රටකට සතුවීම අනිවාර්ය කාරණාවකි. නොබිය ව තමන්ගේ යුක්තිය ඉල්ලීමට හැම රටක වැසියෙකුටම අයිතියක් තිබිය යුතුමය. හොරෙක් නිවෙස් හිමියාට නඩු දමා මුදල් වන්දි ලබා ගනිද්දී, දරුණු දූෂණ, වංචා,හොරකම්, මිනි මැරුමකදී වත් යුක්තියක් ඉටු කර ගත නොහැකි මිනිසුන් පවා සිටිනා තැනක ලෝකය පැවතීම කණගාටුදායකය.

මේ දුක හිතෙන කාලය

මේ දුක හිතෙන කාලය
සීතල ටිකෙන් ටික වැඩි වෙන
ගස් කොළ එකින් එක ගිළිහෙන
දිනිසුරු කලින් ක්ෂිතිජයෙ සැඟවෙන
හිත මත වඩා බර දේ රැඳවෙන
හේතුව ඇතත් අප තුළ
සිනාවක් නෑ නැංවෙන.