Entries from December 2012 ↓

නුඹ එන්න

මේ පැවත්මේ කෙළවර
නුඹේ නො ඒමයි
වැස්සක්, හිම පතනයක්
කුඩා දේදුන්නක් වෙනුවට
යන්තම් සිනාසීගෙන
‘හලෝ කොහොමද’ කියා
අතේ ඇති යතුරෙන්
දොර අගුළු ඇරගෙන
පැමිණ යුත්තේ නුඹමයි.
තේ දෙකක් හැමදාම
හදන්නෙමි මම.

ගැහැණු හා පිරිමි

ගැහැණු හා පිරිමි
උන් උන් ව නොදනියි
කුඩා මේ ලෝකය
ලස්සනත් ඒකයි.

හිත

හිත වැටෙන්නට නියමිත
කැඩෙන්නට සුදුසුම
සියුම් වූ එකක් නම්
නුඹේ බිය නුඹ ගන්න
මගේ හිත බිම ලන්න