Entries from April 2013 ↓

දයා බර බුබුළ

bubbleHarshaji Asela Picture

බලා සිටියෙමි
නො ඉවසිල්ලෙන්
ඉච්ඡා ස්නේහයේ ගරු රඟපෑම
නාටකේ හැඬුම් හඬනා තැන
ඉවරයි
සිනා විය යුතු විහිළු කොටසයි -හැඬුම් එනතුරු
නුඹගේ දයා බර බුබුළ
බිඳි යන තැන.
ඉන්පසු පිසදාන
දෑස ම කඳුළු කැටි වුණ
එබෙමි බත් හැළියට
ඉදී ඇති දැයි බැලුමට.

වසන්තය උදාවන්නට තත්පරයයි

රෑක වට වැස්සකට පසු දින
එබී කිරි දලු බලන වට පිට
පසු කරද්දි ඇසේ හිමිහිට
‘පොළව සුවඳයි’ කියන්නේ

මල් පිපෙන්නට ඕනේ ගානට
බේරි බේරි වැටී ඉර රස්
හීන් හුස්මක් ලය පුරද්දී
සියළු දොම්නස් පලා යේ

ඊයේ ඉපදුන කුරුළු පැටියෙක්
ගෙයක් ඇතුළෙන් කෑ ගසද්දී
සීත කාලය කියා සෘතුවක්
තිබුණා දැයි අමතකව යේ