Entries from April 2014 ↓

අනතුරු ඇඟවීම/ආත්ම සංයමය

කල්ප වෘක්ෂය
තවමත් වැඩෙන්නට නියමිත
නුඹට මා වෙත
සිතු දේ පැතූ දේ
ලබා දෙනු නොහැකිය

කෙටි ම පණිවිඩ හැර
සිනා මූණක් පමණක්
පෙරළා ලබන්නට.

පහන නුඹය

ඉන්ද්‍රජාලික
පහන් දැල්ලක වෙස් ගෙන
රෑන රෑසමනල
යන මඟ මැද ම.

එකතු වීම

නුඹ
එකවර කිහිප දෙනෙකුට පෙම් කර
මා විශේෂයි පවසන
මුදාහල යුතු ද බැඳි දිගු වරලස
ශිෂ්ඨාචාරයේ බැම්මෙන්
නුඹ එගොඩ කරවන්න.

කුසුමක සුවඳ පමණකි
දුරින් එන.

නිරුවත් මිනිසා

නුඹ
මා අත්ල ලේ තැවරි තැන පෙන්වන
පෝරකය දිසාවට මා ගෙන යන
පහන දැල්ලෙන් එතෙර වෙන්නැයි කියන
හිමින් මා සිප ගෙන
හානි නොකරමි පවසන.

මිතුරා

තිත තබා නැවතී
ඩැහැ ගෙන සවිය
පසු බසින්නයි
පවසන
මගේ මිතුරා
මා රකින්නට තනන

“අවි දරන්නෝ අවියෙන්ම
ප්‍රේමය දරන්නෝ ප්‍රේමයෙන්මැයි”
මගේ මිතුරා
මට විඳින්නැයි පවසන.