Entries from May 2014 ↓

පෙම්බරා මගේ

pembarapoem Kalpa Rajapksha Photo
දොරගුළු ලාන කුටියේ
ගීත ගෝවින්දය ද කියවන්නේ
නො පැමිණ නැටුමට සාදයේ
පෙම්බරා මගේ

ලෙල දෙන පහන් සිළුවේ
මැකන්නේ නැති තැනක අඳුරේ
අඳින රේඛාව කවුරුද
පෙම්බරා මගේ

ඇතුළ ගිනි මැළයේ
උණුසුම අතර අළු වී
උදෑසන මා සොයා ගන්න ද
පෙම්බරා මගේ.

නපුරු හීන

Google images

Google images


මා අවදි වුණේ කම්පනයකින්. මා දුටුවේ නරක හීනයක්. ගැහැණියක් විසින් පැදවුණ කුඩා ගුවන් යානය නඳුන් උයනක් සේ සකස් කරවා තිබූ අපගේ ගෙවත්තෙ පිටුපසට කඩා වැටීම. එහි සිටි ගැහැණියත්, දරුවාත්, අනෙක් දරුවන් දෙදෙනාගෙන් කෙනෙක් මගේ මිතුරියකගෙ වීමත්, අනෙකා මගේ වීමත් මේ උදෑසන මට හුස්ම ගැනීම අපහසු කරනවා. “එහෙනම් ඒ අයට හොඳක් වෙනවා” මම අම්මාගේ පදනම් විරහිත තර්කය පිළිගැනීමට සූදානම්. “නමුත් දැක්ක කෙනාට හොඳ නැහැ.” ඒ කොටසට එකඟ වෙන්න බැහැ. අද විය හැකි දවස ගැන මා සාංකවෙන්.
මා පරිඝනකය පණ ගන්වා මිත්‍රයෙකුට පණිවිඩයක් යවන්නට සිතුවා. මිත්‍රයෝ.හිත කැළඹුණ වෙලාව.
ලද පණිවිඩ අතර කෙනෙක්. හිත කැළඹුණ.මිත්‍රයෝ.
“ඒ මුහුඳු වෙරළ අසල තැනක්. මිනිස්සුන්ට ඇවිදින්න පාරක් සහ ඉඳගෙන ඉන්න බංකු තියෙනවා. මම ඇවිදගෙන ගියා සෑහෙන දුරක්. තරුණියන් තුන්දෙනෙක් බංකුවක ඉඳගෙන හිටියා. තරුණයන් දෙදෙනෙක් ඔවුන් ඉදිරියේ වැටට හේත්තුවීගෙන. සියලු දෙනාම හඬනගා සිනාසෙමින් කෑගසමින් සිටියා. මා ඔවුන් අසලින් යන විට ඔවුන් සිනාසෙමින්ම මා දිහා බැලුවා. මමත් පිලිතුරු ලෙස සිනාවෙමින් ‘හයි‘ කියා කිව්වා. එක් තරුණයෙක් මා දිහා බලාගෙන හඬ නගා කුණුහරුපයක් කිව්වා. සියලු දෙනාම හිටියේ මා දිහා බලාගෙන. කුණුහරුපය මොකක්ද කියල මට තේරුනේ නැති වුණත් කුණුහරපයක් බව තේරුණා. ගෑනු හයියෙන් හිනා වුණා. මම ඇවිදින පාර කෙළවරටම ගිහින් ආපහු ආවා. එන විටත් අර පස් දෙනා එතනම හිටියා. නැවතත් මා දිහා බලාගෙන. හිනාවෙමින්. මොනවාද කියමින්. එක් තරුණියක් බ්ලවුස් එකෙන් එලියට තනයක් ඇදල මට පෙන්නුවා. දෙවෙනි තනයත් ඇදල පෙන්නුවා. ලොකුයි. හරිම ලස්සනයි. දෙවෙනි තරුණියත් තනයක් ඇදල පෙන්නුවා. දෙවෙනි තනය ඊ ළඟට. ඒ දෙක පළමුවෙනි දෙක තරම් ලොකු නෑ. ඒ වෙනකොට මට මගේ ඇස් විස්වාස කරන්න බැරිව හිටියෙ. තුන්වෙනි තරුණියත් තන දෙක එළියට ඇද්දාට ඒවා මට පෙනුනෙ නෑ. උන් කළේ විහිළුවක්. නාකි කළු මනුස්සයා පුදුමයට පත් තරන්න.”
“මේක හීනයක් ද? “
“නෑ, ඇත්තටම වුණා!”
“අනිත් අයට කිව්වද? මම කියන්නද?”
“නැහැ. ඕනේ නම් කියන්න.”
“මේ ගැන මොනව හරි තව කියන්න ද? එකතු කරන්න දෙයක් තියෙනවද?”
ඔහු ගැඹුරු සිතුවිලි ඇති නිවුණ කෙනෙක්. නිදහස් ගැහැණිය ගැන, වෙනස් සංස්කෘතිය ගැන, අවංක ශිෂ්ටත්වය ගැන, වටපිටාව ගැන යමක් කියනු ඇතැයි මගෙ බලාපොරොත්තුව.
“උන් කළේ විහිළුවක්. නාකි කළු මනුස්සයා පුදුමයට පත් තරන්න. ඇත්ත. නාකි කළු මනුස්සයා පුදුමයට හා සතුටට පත් වුණා.”

නුඹ

වැස්ස, ගඟ
සුළඟ සහ සඳ
නොවේ මට නුඹ
මේ දැන් ඉපිද
ඇස් ඇර
මා දැක
විස්මිතවු
ළදරුවා නුඹ.
අතහැර නොයැන්නැයි
සුළඟිලි එකට පටලන
ප්‍රේමය ම ඉල්ලා
වැලපෙන
වැළැඳ සිපි විට
සැනසෙන
ළදරුවා නුඹ.
මා කුස උණු කරන
ළය තදින් පුරවන
නොපැමිණි කලක් ගැන
සාංකාවෙන් පසුවෙන
මේ දැන් ඉපිද
ඇස් ඇර
මා දැක
විස්මිතවු
ළදරුවා නුඹ.

අපේ ප්‍රේමය

වැඩුණු මිනිහෙකි දැන් නුඹ
අපේ ප්‍රේමය පල් වුණ ඊට පෙර
අප කැමැත්තෙන් අප මඟ හැර
එකිනෙකා වෙත සුබ පතන.
අප අතර පරතරය
ගැඹුර මිස දුරස් නොකරයි බැඳුම
දෙපසට හරුණ
අපේ අයිතිය අප ගැන
තවම කොන්දේසී විරහිත.

එන්න

සියුම් පසු තැවීමෙනි
රෝස තොල් සායම
පැළඳි මල, දෙකණ පෙති තෝඩු ද
ඔබ කී නිසාවෙන්
එන්නට පමා වෙන බව.