Entries from March 2015 ↓

ඔබ නැවත ගයන තුරු

ඒ අවසාන ගීතය බවත්
වයලීනය කැඩී ඇති බවත්
දන්වා එවා ඇති ලියුම
පෙම්වත, සඟවා තැබෙන.
ඉතා ළාමක වුවත්
හිතට දැනෙනා බවක්
දන්වා එවා ඇති ලියුම
පෙම්වත, නිතර කියැවෙන.

Kalpa Rajapakshe art/phot

Kalpa Rajapakshe art/photo