කෙතරම් පලා පැහැ වීද ඒ නිම්නය


සමහර විටෙක
සිහිවේ සුළඟ
කෙතරම් සුනැමි විද
කෙතරම් සිසිල් විද.
විඳිමියි සිතෙන විට නැවත
ඉඳහිට
කපා ඉවරයි දිගු වරළ.
මනස හදවත
අහස වාගේ ඇරුණු කාලෙක
නුඹ පැමිණ
ගල් කරවීය ලෝකය.
දැන් මල් නැත, කුරුල්ලන් නැත,
නිම්නය කොළ පාට නැත.
රේඩියෝවේ හඬ නැත.
තේ රස නැත.
කැටපත තුළින් මා වෙත
මා එබෙන්නෙත් නැත.

0 comments ↓

There are no comments yet...Kick things off by filling out the form below.

Leave a Comment